Sunday, March 1, 2015

Power Trowel (පවර් ට්‍රාවොල්)

කොන්ක්‍රීට් ස්ලැබ් මතුපිට පෘෂ්ටය සුමට කිරීමට සහ අනර්ඝ නිමාවක් ලබා ගැනීම උදෙසා සුලභව භාවිතා වන උපකරණයක් විදියට power trowel (පවර් ට්‍රාවොල්) හඳුන්වන්න පුලුවන්... ඒ වගේම කඩතොළු හෝ සමතල නොමැති කොන්ක්‍රීට් මතුපිටක ප්‍රශස්ථ අවසානයක් දැකීම උදෙසාද පවර් ට්‍රාවොල් හොද පිළිතුරක්. අත් යන්ත්‍රයක් විදියට ක්‍රියාකරවිය හැකි මෙන්ම, (ride-on) පැද යා හැකි කුඩා රියක ආධාරයෙන් ක්‍රියාකරවන පවර් ට්‍රාවොල් යන්ත්‍රයන් ද භාවිතා වෙයි. පවර් ට්‍රාවොල් යන්ත්‍ර සඳහා බල සැපයුම් මාද්‍ය වශයෙන් පොසිල ඉන්ධන සහ විද්යුත් ශක්තිය භාවිතා වෙන අතර, වැඩ බිමේ ස්වභාවය හා එකී අවස්ථාවේ පවතින ස්ථානීය සාධක පදනම් කරගෙන බල සැපයුම තෝරා ගැනීම සිදු කරනු ලබයි. අදාල වැඩයේ විශාලත්වය මත යන්ත්‍රරයේ ශක්‍යතාව තීරණය වේ. කුඩා හා මාද්‍ය පරිමාණ වැඩයන් උදෙසා සාමාන්‍යයෙන් අශ්වබල (horse power) 5 - 10 අතර අතින් ක්‍රියා කරවන හෙවත් (walk behind trowel) යන්ත්‍ර යොදා ගන්නා අතර, මහා පරිමාණ වැඩයන් සඳහා අශ්වබල (horse power) 10- 25 අතර පැද යමින් ක්‍රියා කරවන යන්ත්‍ර (ride on trowel)තෝරා ගැනෙයි.

                     *අතින් ක්‍රියා කරවන පවර් ට්‍රාවොල් යන්ත්‍රයක් walk behind trowel